බෙල්ලට ඇයගේ පැළඳුවොතින්
අද ලස්සන තව වැඩි වේවි මාලේ,
හොර බොරු නොකරොත් ඇය හැමදාමත්
මට අවංකව මම කරනවා ආලේ.
තනිකඩ වීලා හිටියා ඇති,
සුදු ගමුකෝ ලොකුවට අපේ මංගල්ලේ,
බැඳලා කසාදේ යමු අපි රවුමක්,
නැගලා අපි යමු පුස් බයිසිකලේ.